ඉන්ධන ලබා ගැනීමට ගුවන් යානා 208ක් මෙරට සිට ඉන්දියාවට.

ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 208ක් ඉන්දියාවේ තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළ වෙත ඉන්ධන ලබා ගැනීම සඳහා ගත වූ මාස 03කට ආසන්න කාලය තුළ ගොස්  ඇත.

ගුවන් යානා 04ක් පසුගිය  සිකුරාදා දිනයේ දීද ඉන්ධන ලබා ගැනීමට අදාළ ගුවන් තොටුපොළවෙත ගොඩබස්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වාර්තා වලට අනුව රට තුළ උද්ගතව තිබූ ලුවන් යානා ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානා ඇතුළුව ගුවන් යානා 208ක ප්‍රමාණයක් මේ වන විට තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළෙන් ඉන්ධන ලබාගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version