පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා ඔහුගේ බිරිය වන බුෂ්රා බිබීට තවත් සිරදඬුවමක් ලබා දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.
පාකිස්තාන අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනාට වසර 14 ක සිරදඬුවමක් ලබා දෙන ලෙසයි.
මේ වනවිටත් බනධනාගාර ගත කර සිටින ඉම්රාන්ට එරෙහිව , රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) වසර 10 ක සිරදඬුවමක් ලබාදුනි.
ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඉම්රාන්ව 2022 වසරේදී අගමැති ධූරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 3 ක සිරදඬුවමක් තීන්දු කලේය.
මේ සියල්ලම දේශපාලනයේ පලීගැනීම් බවයි ඉම්රාන් පවසන්නේ..