ඉම්රාන් ඛාන් හා බිරියට තව සිරදඬුවමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා ඔහුගේ බිරිය වන බුෂ්රා බිබීට තවත් සිරදඬුවමක් ලබා දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.

පාකිස්තාන අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනාට වසර 14 ක සිරදඬුවමක් ලබා දෙන ලෙසයි.

මේ වනවිටත් බනධනාගාර ගත කර සිටින ඉම්රාන්ට එරෙහිව , රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) වසර 10 ක සිරදඬුවමක් ලබාදුනි.

ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඉම්රාන්ව 2022 වසරේදී අගමැති ධූරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 3 ක සිරදඬුවමක් තීන්දු කලේය.

මේ සියල්ලම දේශපාලනයේ පලීගැනීම් බවයි ඉම්රාන් පවසන්නේ..

Exit mobile version