ඉමාඩ් වසීම් ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන අතර සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුනේ, තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය වන බවයි.

වාර්තා වන ආකාරයට වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඉමාඩ් වසීම් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩාකර ඇත.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී ඔහු අවසන් වරට පාකිස්තානය නියෝජනය කර තිබේ.

34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබේ.

Exit mobile version