දිවයින තුළ පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චිය – ඉරණමඩු ජලාශයේත් වාන් දොරටු හතරක් විවෘත කර ඇත.
අද (28) උදෑසන මෙලෙස වාන් දොරටු විවෘත කර තිබෙන අතර කිලිනොච්චිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරන්නේ මේ හේතුවෙන් පහත්බිම් ප්රදේශයන්ට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.
එම පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසට කිලිනොච්චිය ආපදා කළමණාකරන කාර්යාල විසින් උපදෙස් ලබා දී ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කිලිනොච්චිය – පන්නන්කන්ඩි, කන්ඩාවලෙයි සහ මුරුස්සමොට්ටෙයි යන ප්රදේශයන් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි.