ශ්‍රී ලංකාව තුළ දෛනික මරණ මේ වන විටත් 100 ඉක්මවා ගොස් ඇත. මේ පිළිබඳ සැලකිලිමත් වෙමින් හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාවේ දෛනික මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා යාමට පෙර දැන්ම රට වසා දැමිය යුතු බව යි.
Covid-19 වෛරසයේ ඉතා දරුණු ප්‍රභේදයක් ලෙස වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විටත් ශ්‍රී ලංකාව ගිලගෙන හමාරය.
සැප්තැම්බර් මාසය වන විට දිනකට මරණ ඉලක්කම් 4 සීමාව ඉක්මවා යා හැකි බවට වෛද්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා ඇති බවද පවසමින් ඔහු කියා සිටින්නේ ෆයිසර් හා මොඩෙර්නා වැනි ශක්තිමත් එන්නතක් තෙවැනි මාත්‍රාව ලෙස ජනතාවට ලබාදිය යුතුව ඇති බවයි.