ඉල්ලුම අඩු වීමෙන් බොර තෙල් මිල පහළට.

ඇමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සදහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතිකය ඉහළ දැමීම නිසා බොර තෙල් වලට ඇති ඉල්ලුම අඩු වී ඇති හෙයින් ලෝක වෙළපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව  අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65 ක් හා වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වන බව වාර්තා වේ.

Exit mobile version