ඉලෝන් මාස්ක් සිය ට්වීටර් හි ප්රධාන විධායක නිලධාරී තනතුරෙන් තමන් ඉල්ලා අස්වන බව සඳහන් කරයි.
ඉලෝන් මාස්ක් අවධාරණය කළේ තනතුර ලබා ගැනීමට තරම් මෝඩ පුද්ගලයෙකු හමු වූ පසු තමන් සිය රැකියාවෙන් ඉවත් වන බවත් තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව තමන් මෘදුකාංග සහ සේවාදායක කණ්ඩායම් පමණක් මෙහෙයවීමට තීරණය කළ බවත් ය.
මේ වන තෙක් ලෝව ධනවත්ම පුද්ගලයා වශයෙන් හඳුන්වන ලද මොහු මීට දින කිහිපයකට ප්රථම ලෝව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වූයේ බර්නාඩර් ආනෝර්ල්ට් ඔහු අභිබවා යාමත් සමගය.
එමෙන්ම මොහු අවස්ථා කිහිපයකදී සිය ටෙස්ලා සමාගමේ කොටස් ද විකුණා දැමීමට කටයුතු කර තිබේ.