ඉස්කෝලෙ මල්ලිලා මත් කරන්න ගිය අයියාට වැඩ වරදියි.

manufacture and sale of illicit drugs

චීනවරාය පොලිස්  විශේෂ කාර්ය බලකා නිලධාරීන් ධාන්‍යගම ප්‍රදේශයේ කළ ැටලීමකින් පාසැල් ළමුන් හට මත් පෙති අලවි කල පුද්ගලයෙකු ඊයේ (13 ) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි .

සැකකරු  අත්අඩංගුවට  ගන්නා අවස්ථාවේ ඔහු ලග අනවසර මත් පෙති 250 ක් පමණ සොයාගෙන ඇති අතර විමර්ශන වලදී හෙළිවී ඇත්තේ පාසල් ළමුන් ඉලක්කකර මෙම මත් පෙති විකිණීම සඳහා සුදානම් කර තිබු බවයි .

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන චීන වරාය පොලිසිය මගින් සිදු කරයි.

වර්තමානය වන විට රටේ පාසල් පද්ධතිය තුළ සීඝ්‍රයෙන් මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදුවේ.පාසල් දරුවන් ද වයස් භේදයකින් තොරව අද වන විට මතට ඇබ්බැහි වී තිබේ.මෙම ව්‍යවසනය නවතාලීමේ වගකීම රටේ පාලන තන්ත්‍රයට තිබුණ ද රටේ පාලන ක්‍රියාවලියේ ඉන්නවුන් ද මෙම ව්‍යවසනයේ කොටස්කකරුවන්ව වන විට එය නවතාලීමට කිසිවෙක් කටයුතු කරන්නේ නැත.

රටේ ළමා පරපුර විනාශ කර රටට ඔලමොට්ටල ප්‍රජාවක් ඉදිඑරියේ දී බිහිකර එම ඔලමොට්ටලයින් තමන්ට රිසි පාලනය කිරීම මොවුන්ගේ වක්‍රාකාර අභිලාශය විය හැකි.

Exit mobile version