වායු තත්ව දර්ශකයේ දැක්වෙන ආකාරයට අද දිනයේත් වඩාත් දූෂිත නගරය වන්නේ ඉන්දියාවේ නවදිල්ලි නගරයයි.
වාර්තා වන ආකාරයට එහි වායු දූෂක අංශු ප්‍රමාණය 483 ක් ලෙස සටහන් වන අතර, ලාහෝර් ,කල්කටා නගරයද දෙවන සහ තුන්වන ස්ථානවලට පත්වී තිබේ.
එම නගරවල වාතයේ ගුණාත්මක තත්වය ඉතාමත් අයහපත් බවට පත්ව ඇති අතර විෂ සහිත මීදුම් තට්ටුවකින් වැසී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊට අමතරව බංගලාදේශයේ ඩකා, පාකිස්තානයේ කරච්චි නගරය මෙන්ම චීනයේ ෂෙන් යැන්ග් නගරයද වායු දූෂක දර්ශකයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව තවදුරටත් වාර්තා වේ.