ඊයේ ජයපැන් බිවු දියවඩන නිලමේගේ සායම අද ආයෙත් ගැලවෙයි – කපටි උපාසක අවුරුන්ද? ප්‍රශ්න කරයි.

මහනුවර ශ්‍රී දළදා මාළීගාවේ ගිහි භාරකරු නොහොත් බෞද්ධ ජනතාව නියෝජනය කරන රාජ්‍ය තනතුර හොබවන දියවඩන නිලමේවරයාගේ වන්චා දුෂණ පිළිබඳව මේ වන විටත් සාක්ෂි සහිතවම ජනගතව තිබුනත්, එම තනතුරේ බලමහිමයෙන් ගොඩනැගී තිබෙන සබඳතා ජාලය නිසා ඒවා යට ගොස් තිබේ. ඒ අතර බෞද්ධ ජනතාව නියෝජනය කරමින්ගිණුම් නිසි ලෙස පවත්වාගෙන නොයෑම පිලිබදව නඩුවකින් ඔහු ඊයෙ ජයග්‍රහනය කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

එවන් වූ පසුබිමක අද (26) ඇඹිළිපිටියේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින්, ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ කපටි උපාසක නමින් පොතක් ලියවී තිබෙන බවත්, එම පොතේ තිබෙන කරුණු පිළිබඳව මහානායක හිමිවරු පවා නිහඬ බවයි. එම පොතේ සදහන් වන ආකාරයට දළදා මාළිගාවේ පාලකයන් බෞද්ධ ශාසනයට අයත් කෝටි ප්‍රකෝටි ගණන් දේපළ වන්චා කර තිබෙන බවද ප්‍රකාශ කරන ලදී.

ඊයේ (25) දින ප්‍රදීප් නිලංග දෑළ මහතා ජයග්‍රහණය අත්පත් කරගෙන තිබුනේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිණුම් ප්‍රකාශ බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්  වෙත යවා නොතිබීම සම්බන්ධව හිටපු බස්නායක නිළමේ වරයකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබු නඩුවකිනි. එය සාමාන්‍ය නඩුවක් වන අතර දියවඩන නිළමේ වරයාට එරෙහිව වංචා දුෂණ පිළිබඳව ඔහුට එරෙහිව මේවනතෙක්ම නිසි විමර්ශනයක් ආරම්භකොට නැත. එසේම ඔහුගේ වංචා දුෂණ අක්‍රමිකතා පිළිබඳව මෙරට පිළිගත් මාධ්‍ය ආයතන වාර්තා කොට නොතිබිණි. කෙසේ නමුත් ඊයේ (26) දින තිබු නඩුවේ තීන්දුව ඔහුට පක්ෂපාතීව ලැබුණු බැවින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට මෙරට මාධ්‍ය ආයතන කටයුතු කර තිබුණි. ගිණුම් ප්‍රකාශ  බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරයා වෙත නොයැවූ බවට එක්තරා නඩුවකදී දියවඩන නිළමේවරයා විසින් පිළිගෙන තිබුණි. අදාළ නඩු වාර්තාවේ කොටසක් පහතින් දැක්වේ.

දහම් අධ්‍යාපනය ලබා දීම පිළිබඳව ගෙන තිබෙන තීරණය ඉතා හොද තීරණයක් බවත්, ජෙරම් ප්‍රනාන්දු නැමති පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.

එසේම වෙනත් රටක වූවා නම් ජෙරම් ප්‍රනාන්දු මේ වන විට සිටින්නෙ මළවුන් අතර බවද, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ තිබෙන ඉවසීම සහ හැදියාව නිසා එවන් දෙයක් සිදු නොවු බවද උන් වහන්සේ සදහන් කළහ.

Exit mobile version