ඊයේ පැවති හවුල්කාර පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කළේ මොනවාද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ද සමග සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබුණි.

මෙම සාකච්ඡාවේ දී මූලික අවධානය යොමුව ඇත්තේ 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම,කොවිඩ් – 19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත්කිරීමට ප්‍රථම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම  සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳවය.

සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර එහිදී පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ද සිදු වී ඇත.

Exit mobile version