ඊලොන් මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එම සමාගමේ ආදායමෙන් අඩක් අහිමිවී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජූනි මාසයේදී අපේක්ෂා කළ පරිදි ට්විටර් සමාගමේ විකුණුම් වැඩිවීමක් සිදුවී නොමැති බවයි.
මීට අමතරව වියදම් කපා හැරීමේ අරමුණෙන් 2022 වසරේදී ට්විටර් කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ සේවයෙන් ඉවත් කෙරුණි.
පසුගිය දා මෙටා ආයතනය නිකුත් කළ Threads හරහා Twitter තවත් පසුබෑමකට ලක්ව ඇත.