අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා තිබෙන්නේ ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී ඇති බවයි.
අල් ජසීරා පුවත් ඒකකය මේ බව නිවේදනය කර ඇති අතර කෙසේ වෙතත් අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි.
මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉන් වැඩි පිරිසක් ළමුන් බවත් වාර්තා වේ.