ඊශ්‍රායලෙන් රැකියා අවස්ථා 2000ක් මෙරටට.

ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason ඇතුළු දූත පිරිස සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අතර සාකච්ඡාවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති බව වාර්තා වේ.එහිදී ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණික ආයතනය විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා 2000ක් මෙම වර්ෂයේ දී මෙරටට ලබා දීමට තීරණය කළ බව කියයි.එමෙන්ම සෑම වර්ෂයකම ඊශ්‍රායල රැකියා අවස්ථා 8000ක් පමණ ලබා දීමට සූදානම් බව ඔහුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

ඊශ්‍රායල රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් කාන්තාවන්ට ඇති නිසා කාන්තාවන්ට පුහුණුව ලබා දීමේදී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසටත් , එම සේවවන් සදහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද යන්නත් , ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය පිළිබදවත් , වෘත්තීමය වශයෙන් ලබාගෙන ඇති පුහුණුව පිළිබදවත් වැඩි අවධානයක් යොමු විය යුතු බව එම නියෝජිත කණ්ඩායම විසින් ඇමතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version