වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර ඇත.ඒ හම්බන්තොට මන්දපෝෂණය පිළිබඳව හෙළි කිරීම නිසාවෙනි.
මේ පිළිබඳව කළ විමසීමකදී වෛද්‍ය චමල් සංජිව ප්‍රකාශ් කර ඇත්තේ තමන්ගේ පසු ඊළඟ බිල්ල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතින බවයි.එසේම තමාට තවමත් වැඩ තහනම් ලිපිය අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත් එය ලැබුණු වහාම අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ලංකා සර පුවත් වාර්තා කර ඇති ආකාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සම්බන්ධවද විශේෂ විමර්ශන අමාත්‍යංශ මට්ටමින් ආරම්භ කර ඇති බවයි.