පරිගණකයක චාජරය පුපුරා යෑමෙන් 14 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙම අනතුර සිදු වී ඇත්තේ සිය ලැප්ටොප් පරිගණකය චාර්ජ් එකට දමා පරිගණකය උකුල මත තබාගෙන එය ක්‍රියාත්මක කරමින් සිටි අවස්ථාවේදී බව බලපිටිය පොලීසිය ප්‍රකාශ කර තිබේ.
එසේම මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ බෙල්ලන්වල පාර ඉඳිකැටිය ප්‍රදේශයේ පදිංචි W.A.සෙනෙත් ඉඳුවර නැමති දරුවෙකු බව පොලීසිය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් විද්‍යුත් උපකරණ භාවිතයේදී වඩාත් ප්‍රවේශම් සහගත විය යුතු බව මෙවැනි සිදුවීම තුළින් ගම්‍ය වේ.එසේම දරුවන් මෙවැනි විද්‍යුත් උපකරණ භාවිතා කරන විට දෙමාපියන් වඩාත් සැළකිළිමත් විය යුතු බව සිහිපත් කිරීමට කැමතිය.