උඩරට එළවළු මිල පහළට .

මේ වන විට උඩරට එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (17) කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන් වුණි.

බෝංචි කිලෝවක් රුපියල් 150 කට, ලීක්ස් කිලෝවක් රුපියල් 180 කට, තක්කාලි කිලෝවක් රුපියල් 250 කට අලෙවි වී ඇති බව සදහන් .

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවළු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දීමට සිදුවන බවයි.

Exit mobile version