උඩරට දුම්රියටත් නායයෑම් අවදානමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානමක් පෙන්නුම් කළ ප්‍රදේශයේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ නායයාම් තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් එම ස්ථානය මේ වන විට පරීක්ෂා කරමින් පවතින අතර එහි නායයාම් තත්ත්වය වර්ධනය වීම‌ හේතුවෙන් එම මාර්ගය මේ වන විට වසා දමා ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අවදානම පවතින ප්‍රදේශයට ඉහළින් උඩරට දුම්රිය මාර්ගයට ආසන්නයේ භූමිය නායයාමේ තත්ත්වයකට සක්‍රීය වෙමින් පවතින බවයි.

එමෙන් ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික කටයුතු අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේ ප්‍රධාන මාර්ගයට ඉහළින් කලක සිට තැන්පත් වී ඇති පස් සහ ගල් තට්ටු ක්‍රමයෙන් පහළට තල්ලුවෙමින් පවතින අතර ඊට ඉහළ ප්‍රදේශයේ ගල් තැන්පත්ව ඇති බව ද මෙම අවදානම අවම කිරීම සඳහා සිදු කළ යුත්තේ ජලය බැස යාම සදහා යම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

Exit mobile version