උඩරට මාර්ගවල ගමන් කරන රියදුරන්ට විශේෂ නිවේදනයක් .

පවතින අධික වර්ෂාපතනයත් සමඟ උඩරට මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වේ .

පස් කඳු කඩා වැටීම සහ ගල් පෙරළීමේ අවදානමක් ඇති මීදුම් සහිත, ලිස්සන සුළු මාර්ගවල රියදුරන් ප්‍රවේශම් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා සදහන් කරන ලදී .

එමෙන්ම ඔහු ප්‍රකාශ කරන්නේ මීදුම නිසා මාර්ගය පැහැදිලිව දැකීමට නොහැකි බවත් , වංගු සහ කඳුකර ප්‍රදේශවල වාහන පාලනය කිරීම සඳහා ගියර් වෙනස් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ය.

Exit mobile version