අද (18) පස්වරු එකට පමණ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට ගිය පුද්ගලයෙකු බලපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගය වෙත පැමිණ ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ දරා තිබේ .එම අවස්ථාවේ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා ඇති අතර තුවාලකරු මෙම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත ගෙනවිත් භාර දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇත.
තුවාලකරු 41 හැවිරිදි හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි අයෙක් බව වාර්තා වේ.