උඩවලව පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මාස දෙකක් යන තෙක්ම විභාග නොකිරීමෙන් පැරණි සිද්ධස්ථානයක් විනාශ වන බවත් , එම විනාශ කිරීම සදහා උඩවලව පොලිස් ස්ථානාධිපති ආධාර අනුබල දෙන බවත් සදහන් කරමින් ඇඹිලිපිටිය කොට්ඨාෂ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් සාමාජිකයන් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල මගින් පුරාවිද්‍යා නිලදාරීන්ටද නඩු පවරන ලෙස ද ඉල්ලා ඇති අතර මේ විනාශය පිටුපස සිටින සියලු දෙනාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද , ආයතන සංග්‍රහය , පොලිස් ආඥා පනත යටතේ ද කටයුතු කරන ලෙස සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිස් ස්ථානාධිපතිට නඩු පවරන ලෙසද වැඩි දුරටත් සදහන් වේ.
පුරාවිද්‍යා ආඥා පනතට අනුව මෙවැනි ස්ථානයක් තුල ඉදිකිරීම් සිදු කිරීමට අවසර දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවද වැඩි දුරටත් සදහන් වේ.