උඩවලව පොලිස් ස්ථානාධිපති නිදන් හැරීමට සහාය දෙමින්, සංඟයා වහන්සේ බේද කරයි!? පුරාවිද්‍යාව නිදන් හැරීමට අවසර දෙයිද?

රත්නපුර, පනහඩුව , වෙහෙරබින්දයාය ප්‍රදේශයේ තිබෙන පෞරාණික වෙහෙරක් බවට සැලකෙන රන්මිණි කොත නම් වූ පුරාවිද්‍යා ස්ථානයේ සංඥා කුළුණක් සැකසීමේ මුවාවෙන් නිධන් හැරීමේ ජාවාරමක්  ගවේෂකයන්ට සාක්ෂි සහිතවම අනාවරණය වී තිබෙනවා.

මෙම ස්ථානයේ එම ඉදිකිරීම නොකරන ලෙස ගම්වාසීන් 250 ස් දෙනෙකුගේ අත්සනින්  යුතුව ලිපියක් විදුලි සංදේශ අධ්‍යක්ෂක ජනරාල් වෙත යොමු කර තිබෙන අතර, ඒ මහතා එහි ඉදිකිරීම නවතා තිබෙනවා. එවැනි තත්වයක තිබියදී, (26) හවස 03.00 ට පමණ මේ ස්ථානයට පැමිණ තිබෙන කිහිපදෙනෙකු එම ස්ථානයේ මැදට වන්නට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පාරක් කපා විශාල වලවල් කපා තිබේ.

රාත්‍රී 07.00 ට පමණ වහාම ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් සහ එම ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතා එම කටයුත්ත නවතා දමන ලෙස උපදෙස් ලබා දී තිබේ. එසේ වුවත් ඔවුන් රාත්‍රී වන තෙක්ම හොර රහසේම එහි රැදී සිට ඇති අතර පසු දින (27)  උදෑසන වන විට එහි සිටි සියලුම දෙනා අතුරැදහන් වී තිබේ.

කෙසේ වුවත්, ගම් වාසීන් පවසන්නේ මෙහි රත්‍රන් බුදු පිළිමයක් සහිත විහාරගෙයක් තිබෙන බවද, මැණික් මුට්ටියක්ද තැන්පත්ව තිබෙන බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානය තුල කැනීම් කටයුතු පවා සිදු කරන අතර මෙහි පිළිගත හැකි ලිඛිත ඉතිහාසයක්ද තිබේ.

මේ පිලිබදව සැල වූ වහාම, පනහඩුවේ පංසලේ හාමුදුරුවන් වහන්සේ උඩවලව පොලිසිය වෙත පැමිණිල්ලක් දැමීමට ගොස් තිබේ. එහිදී උඩවලවේ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන කිහිපයකින් මේ පිලිබදව විමසා බලා  තිබෙන අතර, මේ සිද්දිය පිටුපස ප්‍රසිද්ධ පංසලක හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ නමක් කියා වී තිබෙන බැවින්, පැමිණිල්ල යෙදීමට ගිය හාමුදුරුවන් වහන්සේට පැමිණිල්ල යෙදීමට නොහැකිව තිබේ. කෙසේ වුවත් මෙම ස්ථානය එම නම් කියවන ලද හිමි නමට අයත් පන්සලේ නින්දගම් වලට අයත් නැති කොටසකි. මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම රජයට අයත් වන අතර, වෙනත් කිසිම පංසලකට අයත් නැති බව කියවේ.

පැමිණිල්ල ලිවීමට පෙර විමර්ෂණය සිදු කිරීම හේතුවෙන් අපරාදයක සුල මුල වැසි ගිය අතර, උඩවලවේ පොලිස් ස්ථානාධිපතිගේ මෙම ක්‍රියාකලාපය තුල පැමිණිල්ලක් නොදා ආපසු ඒමට උන් වහන්සේට සිදුව තිබෙන අතර, කල යුතුව තිබුනේ එම පැමිණිල්ල ලියාගෙන සාධාරණ පරීක්ෂණයක් සිදු කර අනාගත උරුමයක් ලෙස මෙම ස්ථානය සුරක්ෂ කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටය. මේ කරුණු දෙස අවධානය යොමු කිරීමේදී උඩවලවේ පොලිස් ස්ථානාධිපතිද මේ නිදන් ගැනීමට යම් හවුල් කාරකමක් තිබේද යන්නද සැක පහල වේ. උඩවලවේ පොලිස් ස්ථානාධිපතිවරයා හොරාගේ අම්මාගෙන් පේණ ඇසීම ගැන  අපගේ කණගාටුව සටහන් කරමි

අපගේ පරීක්ෂකවරුන් අද දිනයේ තව දුරටත් මේ පිලිබදව සිදු කරන ලද විමර්ශනයේදී අණාවරනය වී තිබෙන්නේ මෙම පෞරාණික ස්ථානය අයත් ප්‍රදේශය පනහඩුව ගම් සිතියමේ “ රන්මිණි කොත” ලෙස සදහන්ව තිබෙන බවය. මෙම සංඥා කුලුන වෙනත් ස්ථානයක ඉදි කරන ලෙස තිබෙන  මහජන විරෝදය ද නොසලකා  මෙම ස්ථානයේම මෙය ඉදිකිරීමට උත්සාහ කරන කොන්ත්‍රාත්කරුවන් සමග තවත් කිසිදු අයිතිවාසිකම් නොමැති පංසලක හිමි නමක් , එසේම නිදන් හෑරීම ඇතුළු විවිධ චෝදනා ඇති ගෞරවනීය හිමි නමක් මෙයට සම්බන්ද වී තිබීම තුලද පෙනී යන්නේ නීත්‍යානුකූල ලියකියවිලි මත , මෙම නිධන් හැරීම සිදු වන බවය.   සමාජ මාද්‍ය වල සදහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනු දැනුම මත නිධන් හෑරීමක් සිදු වන බවය. ( හාමුදුරුවන් වහන්සේලාට අගෞරව කිරීම අපගේ ප්‍රතිපත්තිය නොඋනත්, සත්‍ය සැගවීම තුල සිදු වන සමාජ විනාශය වලක්වා ගැනීමට නොහැකි බැවින් සත්‍ය සටහන් කරමි. බුදු සසුනට අගෞරව නොවේවා.)

එබැවින්, මේ පිලිබදව සොයා බලා මේ අපරාද කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටකටයුතු කරනා තෙක්, අපගේ  මෙහෙවර දිගින් දිගටම සිදු වනු ඇත. උඩවලව පොලිසිය තමන් මග හරින ලද අපරාධය අනාවරණය නිසි ලෙස ඉටු කරනු ඇති බවට අප විශ්වාස කරමි.

මේ පිලිබදව එම ප්‍රදේශය භාර ඇඹිලිපිටිය  සහකාර පොලිස් අධිකාරි හට පොලිස් මූලස්ථානයෙන් ලද විශේෂ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවද සැල වන අතර, බුද්ධි අංශද ක්‍රියාත්මක වී තිබුනත් නිසි වාර්තා සහිතව ඒවා සැකසුනාද යන්න සැක සහිතය. මෙවැනි දේවල් නිසා සිදු වන්නේ, රජය අපකීර්තියට පත්වීම පමණි. ජනාධිපතිතුමන් අපකීර්තියට පත්වන ලෙස මෙසේ කටයුතු කිරීම ගැන අපගේ බලවටත්  අප්‍රසාදය, උඩවලව පොලිස් ස්ථානාධිපතිටද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද, පලකරන අතර, ගිහියන් එක්ව , හාමුදුරුවන් වහන්සේලාද වැරදි වැඩ වලට එකතු කරගැනීමට කටයුතු කිරීම පිලිබදව, උන්  වහන්සේටත් අපගේ  කණගාටුව පලකරමි.

මෙහි එක් කොටසක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ට සහ අනෙක් වැලිගෙපොලට ප්‍රාදේශීය ලේකම් ට අයත් බව සැලකෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මෙම ස්ථානය තුල ඉදිකිරීමක් කිරීමට, හෝ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන විනාශ කිරීමට අවසර ලබා දීමට නීත්‍යානුකූලව බලයක් නැත.

රාවණා ලංකා අප නිරන්තරයෙන්ම මේ පිලිබදව සොයා බලා සත්‍ය පමණක් ඉදිරිපත් කරන අතර, රන්මිණි කොත නම් වූ, සද්ධාතිස්ස රජතුමන් විසින්, දුටුගැමුණු රජතුමන්ගේ දසමහා යෝධයන්  යොදවා ඉදිකර තිබෙන මෙම පුණ්‍ය භූමිය, ප්‍රතිසංස්කරණය කර, නැවත පුණ්‍ය භූමියක් බවට පත් කරනා තෙක්ම, අපගේ ඉදිරි මෙහෙයුම් සිදු වනු ඇත.

Exit mobile version