උඩවලව පොලිස් බල ප්‍රදේශයට අයත් පනඩුව රන්මිණි කොත නමැති පුරාණ ස්ථානයේ නිධන් හෑරීමක් පිලිබදව මීට පෙර අප වාර්තා කල අතර එයට විරුද්ධව උඩවලව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙන නමුත් මේ වන තෙක්ම එම පැමිණිල්ල විභාග කර නොමැතිව තිබියදී නැවතත් එම ස්ථානයේම පහලින් වලවල් හාරා තිබේ.
මෙම පැමිණිල්ල විභාග කිරීම සදහා , මෙහි පැමිණිලි පාර්ශ්වය වෙත තෙවරක් පොලිස් පණිවිඩ ලබා දුන්නත් මෙහි පැමිනිලි පාර්ශ්වය අදාල ලිපිනයේ පදිංචි නැති බවට ගොඩකවෙල පොලිසිය මගින් පොලිස් පණිවිඩ ලබා දී තිබෙන බවද පැවසේ. නමුත් මෙහි පැමිනිලි පාර්ශ්වය සදහන් කරන්නේ එවැනි කිසිඳු පොලිස් පණිවිඩයක් නොලැබුණු බවත් ඔවුන් අදාල ලිපිනයේම පදිංචිව සිටින බවත්ය.
මෙම සිද්ධිය සදහා ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සම්බන්ද බව කියවෙන අතර එම හිමිනම ආරක්ෂා කරගැනීමේ අරමුණින් උඩවලව පොලිසිය අදාළ පැමිණිල්ල විභාග නොකරන බව ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය පවසයි.
පොලිස්පතිතුමනි. පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල විට එය විභාග කිරීම ඔවුන්ගේ රාජාකාරිය වේ. හිමිනක් වුවද වරද වරද වන අතර , රජයේ දේපල සුරක්ෂා කිරීම වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ නම් එය විභාග කර නීතිය ඉටු කිරීම පොලිසියේ වගකීම වේ. එසේ සිදු නොවන බැවින් ශ්‍රී ලංකා පොලිසිය දෙස වෛරී දෑසින් බැලීමට ජනතාව පුරුදු වී සිටිති. එසේම මෙම පැමිණිලිකරුවන් ගෙන්වීමට පෙර සියලු වංචාවල් , හොර ලේඛන පිලිබදව අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය දේවල් සිදු කල යුතු නමුත් කිසිම දෙයක් සිදු කර තිබෙන බව වාර්තා නොවේ. දින 45 ක් පමණ වන තෙක් උඩවලව පොලිසිය කුමක් කලේද යන්න අපටද ගැටළු සහගත වන අතර සාමාන්‍ය මිනිසුන්ට මොවුන් සලකනුයේ කෙසේද යන්න අපට වටහා ගත හැකිය.
ආගමික ස්ථානයක් විනාශ කරන්නේ නම්, රටේ ඉතිහාසය විනාශ කරන්නේ නම් , තොරතුරු ලබා දී තිබියදීත් පොලිසිය ක්‍රියාත්මක නොවේ නම් , සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අසාධාරණ නොවේ. මෙම අපරාධය පිලිබදව මීට පෙර හිරු රුපවාහිනිය සහ ලංකාදීප පුවත්පතද වාර්තා කර තිබුණි. අපද මේ පිලිබදව අවස්තා කිහිපයකදීම වාර්තා කර තිබුණි. අපගේ මීට පෙර වාර්තා පහත ලින්ක් තුලින් බැලිය හැකිය. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව”.
මීට පෙර මේ පිලිබඳව අප කර තිබෙන අනාවරණ .