උඩවලව වේල්ල මතින් ගමන් ගන්නා මංපෙත හෙට සිට වැසේ…

උඩවලව ජලාශයේ පිටවාන ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් එහි වේල්ල මතින් දිවෙන මාර්ගය හෙට සිට ලබන 22 වනදා තෙක් වසා දැමෙන බව මහවැලි අධිකාරිය පවසයි.

23වනදා සිට ජනවාරි 6වනදා දක්වා එක් මංතීරුවක් පමණක් ගමනාගමනයට විවෘත වන අතර ජනවාරි 7 සිට ජනවාරි 14 වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන බව එම අධිකාරිය තවදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.

Exit mobile version