උඩින් හොටෙල්, යටින් මත්ද්‍රව්‍ය.

ඉතා රහසිගත ආකාරයෙන් ගම්පොළ නගරයේ හෝටලයක් තුළ මත්ද්‍රව්‍ය තිප්පොලක් පවත්වාගෙන ගොස් තිබෙන අතර පොලිසිය විසින් එම ස්ථානය වැටලීමට සමත් වී තිබේ.

එසේම එම ස්ථානය තුළ මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ ‍මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම යන සියලු දෑ සිදු කර තිබේ.

මේ අතර විෂ සහිත මත්ද්‍රව්‍ය සමඟ එහි සිටි තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම කිසි අයෙකුට සැක නොසිතෙන පරිදි සාමාන්‍ය හෝටලයක් ලෙස දර්ශනය වන මෙම ස්තානයට පාසල් ළමුන්, තරුණයන් ඇතුළු පිරිස් පැමිණීම පිළිබඳව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසු ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණි.

තවද නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා තිබු අතර හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදුකර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version