කොහේ, කොතැනක හෝ අපරාධයක් සිදුවන්නේද, එම අපරාධ වලින් 50% කටම වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරින් හෝ රාජ්‍ය නිලධාරීන් බව දිනෙන් දිනම සාක්ෂි සහිතවම අනවාරණය වෙමින් වෙමින් තිබේ. මේ වන විට මහනුවර, තෙල්දෙණිය, උඩුදුම්බර පොලිස් බලප්‍රදේශයේ ස්ථාන දෙකක රාත්‍රියට ජයටම නිධන් හාරන බව සාක්ෂි සහිතවම අනාවරණය කරගැනීමට අපට හැකි විය. කනගාටුවට ලක්විය යුතුම කාරණය නම් උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සදහා උදව් උපකාර කිරීමයි.
ඇසින් දුටු සාක්ෂි වලට අනුව උඩුදුම්බර කන්දේගම විහාරයට ඉහලින් සිරිපතුලක් කඩා දමා මෙම නිධන් හෑරීම සිදුකරයි. මෙම ස්ථානයේ තිබු සිරිපතුලට ගම්වැසියන් වන්දනා මාන කර තිබේ. පන්සලේ සිටි හිමිනමද මෙම පන්සල හැර ගොස් ඇත්තේ මෙම නිධන් හෑරීම නිසා බවද කියා වේ. හුන්නස්ගිරි දෝතුරුගල කන්දේ ද මෙම නිධන් දෙක හාරමින් තිබේ. මෙම ස්ථානවල තිබු පැරණි සලකුණු සියල්ලම මේ වන විට විනාශකර තිබෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ එම ස්ථානයන් පැරණි ස්තානබවට හදුනාගෙන නොමැති බවයි. නමුත් පුරාවිද්‍යා පනතට අනුව පැරණි ස්ථාන යනු මොනවාදැයි පුරාවිද්‍යා දෙපාර්තෙම්න්තුවම හදුනා ගැනීමට අවශ්‍ය නොමැති අතර පැරණි ස්ථාන යනු මොනවාදැයි එම පනතේම පැහැදිලි කර තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලන්කාවේ පුරාවිද්‍යාඥයන් යනු ලංකාවේ ඉතිහාසය වනසන කණ්ඩායමකී. ඔවුන් කෙසේ කලත් පාරිසරික අණපනත්වලට අනුවද මෙම විනාශය වරදකි.
කෙසේ නමුත් මෙම නිධන් හෑරීම සිදුවන්නේ රාත්‍රී 10 ත් උදෑසන තුනත් අතරය. එම ස්ථානවලින් ඔවුන් ඉවත්ව යන විට නැවත යතා තත්වයටම එම ස්ථානයන් පත්කර යන අතර නැවතත් පසුදා එම කටයුත්ත සිදුකරන බවද දක්නට තිබේ. මේ සදහා උඩුදුම්බර පොලිස් ස්ථානය මනා සහයෝගයක් දෙන බව ගම් වාසීන් ප්‍රකාශ කරයි. කොම්ප්රෙසර් යන්ත්‍ර දමා මෙම ගල් කඩා ඉවත්කකරනා තෙක් උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති නිදිවර්ජිත උනාද?. එසේම මෙම නිධන් ගොඩගැනීමට වෙර දරනා කණ්ඩායම එකම වාහනයකින් රාත්‍රියට පැමිණෙන අතර ඔවුන් එම ස්ථානයට රැගෙනවිත් එම වාහනයේ ආපසු යනබවද ප්‍රකාශ කරයි. මෙම කරුණු රාවණා විමර්ශන කණ්ඩායම සොයාගන්නා තෙක් උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති නොහොත් මහජන සේවකයාට නොපෙනුනේද?. එසේත් නොමැති නම් මේ සියල්ලම අනාවරණය වීත් නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීම සදහා දේශපාලන බලල් අතක් ක්‍රියාත්මක වන්නේද?. කුමන බලල් අතක් ක්‍රියාත්මක වුවත් නීතිය ක්‍රියාත්මක කල යුත්තේ පොලිස් නිලධාරීන්ය.
මිට පෙර උඩුදුම්බර පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානවල නිධන හැරීමට උදව් උපකාර කිරීම නිසා ඔවුන්ට ස්ථානමාරුවීම් සහ රැකියාවන්ද අහිමි වූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.