උතුරු කොරියාව විසින් කරන ලද කරන ලද දිගු-දුර මිසයිල අත්හදා බැලීමට ලොව දැවැන්ත රටවල අප්‍රසාදය පළකර ඇත.
මේ පිළිබඳව ඇමෙරිකාවද ඇතුළුව ලෝක නායකයන් සිය අප්‍රසාදය පළ කර ඇත.
ඊයේ (18) උතුරු කොරියාව විසින් කරන ලද මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම පිළිබඳව ඇමෙරිකාවේ උප ජනාධිපති කමල හැරිස්, බැංකොක්හි පැවති ඇපෙක් සමුළුවට සමගාමිව ඔස්ට්‍රේලියාව ,ජපානය ,දකුණු කොරියාව ,කැනඩාව සහ නවසීලන්තය යන රටවල නායකයින් සමග පැවති සාකච්චාවේදී හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් ඇපෙක් සමුළුව ආරම්භ වීමට ටික මොහොතකට පෙර ජපානයේ හොකයිඩෝ මුහුදුසීමාවේ සිට කිලෝමීටර් 10ක් දුරට සිදුකර ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ මෙසේ උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද මෙම මිසයිලයේ ප්‍රබලත්වය කොපමණද යත් උතුරු කොරියාවේ සිට ඇමෙරිකාවට පවා එල්ල කිරීමේ හැකියාව පවතින බවයි.