උතුරු පළාත් ධීවරයින් විසින් අද (17) දිනයේ විරෝධතාවයක නිරත ව ඇති අතර ඒ ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදුකරන මත්ස්‍යයින් ඇල්ලීම නවතා දමන ලෙස ඉල්ලීම් කරමින් ය.
මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ඉන්දිය ධීවරයින් විසින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතා දමන ලෙසත් ඔවුන් විසින් මෙරට ධීවරයින්ට සිදු කරන පහර දීම් හා දැල්වලට හානි කිරීම් ආදී ක්‍රියාවන් වහාම තනර කර දෙන ලෙස ඉල්ලමිනි.
අද දිනයේ මෙම විරෝධතාවය මුලතිව් සිට පේදුරුතුඩුව තෙක් බෝට්ටු 100ක් පමණ යොදාගනිමින් සිදු කිරීමට උතුරේ ධීවරයින් කටයුතු කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ වසර ගණනාවක සිට පවතින මෙම ධීවර ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි.