උතුරේ ධිවරයින්ට සීමා පනවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.ඒ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට එළඹෙන සඳුදා තෙක් යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි.

ඊට හේතු වී ඇත්තේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීමයි.

මෙම තත්වය හමුවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මෙනිසා නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එමෙන්ම උතුරු ,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සුළගේ වේගයද පැයට කිලෝමීටර් 50 දක්වා වර්ධනය විය හැකි බවයි.

Exit mobile version