මේ වන විට උතුරේ මෙන්ම ඉන්දියාවේ සිටද සමර ජාතිවාදී දේශපාලන නායකයන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රශ්න ඇතිකරමින් සිටි. මේ වන විට උතුරේ කුරුන්දි විහාරය දමිළ ජාතිවාදී දේශපාලන පක්ෂ විසින් විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් නැවතත් සිංහල ජනතාව හා ගැටුමකට මුලපුරමින් සිටී. එසේම පසු ගියදා රාජපක්ෂ හිතවාදී ඉන්දීය පුරවැසියෙක් වන සුබ්‍රමනියම් සාමි ද ලංකාවට පැමිණ රටින් පළා ගිය ජනාධිපති රාජපක්ෂ මහතා හමුවිය. මේවායේ යට ගිය කුමන්ත්‍රණ මොනවාද යන්න තවමත් හෙළිදරව් වී නොමැති වුවත් විවිද පුද්ගලයන් විවිධ මත පළකරමින් සිටී.
රට තුල ප්‍රශ්න ඇති කිරීමට වෙර දරන දමිළ නායකයන්ට මෙන්ම ඉන්දියාවටද, වෙනත් මානව හිමිකම් සංවිධානවලටද පෙනෙන නමුත් නොපෙනුනා සේ සිටින ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවගේ ආදරයට පාත්‍ර වූ දමිළ චිත්‍රපට නළුවා මිය යාම නිසා සිංහල ජනතාව දැඩි ශෝකයට පත්ව සිටි. සිංහල මිනිසුන් ලග ජාතිවාදය හෝ ආගම් වාදය නොමැති බව පසක් කිරීමට අවශ්‍ය සාධක දහස් ගනනාවක් අරගලය තුලින් පවා අපට දැක ගත හැකි වූ අතර සිංහල ජනතාව යනු “ ආදරයට ආදරය කරන” පිරිසක් බවත්, රට ජාතිය මෙන්ම ආගම් විනාශ කරන විට ඒවාට විරුද්ධව නැගී සිටින විශේෂ ජාතියක් බවට උදාහරණ ඕනා තරම් තිබේ. සිංහල ජනතාව අන්තවාදීන් නොවන අතර රට විනාශ කරන සිංහල දේශපාලඥයන් මෙන්ම ඔවුන්ගේ අතවැසියන් ද පලවා හැරීමට සිංහල ජනතාවම කටයුතු කරන ලදී. එසේම ඔවුන් සදහටම පලවා හැරීමේ නීත්‍යානුකූල ක්‍රියාවලියකට මේ වනවිට ඔවුන් විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටි.
ඒ අතරේ දමිළ මෙන්ම සිංහල ජාතිවාදය අවුස්සන නායකයන් නොවන දේශපාලන ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ සංහිඳියාව පෙන්වන දර්ශන් ධර්මරාජ් අද රක්වානේදී අවසන් ගමන් යාමට නියමිතව තිබේ. ඔහු දමිල වුවත් ඔහුට සිංහල ජනතාවගේ තිබෙන ආදරය දැකීමට ජාතිවාදී දමිළ සහ සිංහල නායකයන් අකමැති වුවත් සත්‍ය ජනගත වී අවසන්ය.