උද්ඝෝෂකයන් අතර සිදුවීමට ගිය ගැටුමක් මහනුවර පොලිසිය  මැදිහත් වීමෙන් වැළකෙයි.

ඊයේ (16) දින මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී බෞද්ධ  ජනතාව 200ක පමණ සහභාගීත්වයකින් ඉතාම සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වින. එම උද්ඝෝෂණය  පැවැත්වීමට හේතු වූයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින්  සිදුකරනු ලැබ ඇතැයි පැවසෙන වංචා. දූෂණ සහ අක්‍රමිකතාවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිවයි.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජාකර ඇති රන් රිදී මුතු මැණික් ඩොලර් ,ඉඩකඩම් ඇතුළු දේපළ වංචනික අයුරින් භාවිතා කිරීම හොරකම් කිරීම, වංචනික ලෙස ඔප්පු තිරප්පු සැකසීම, පැරණි පෙරහැරක් සජීවීව පෙන්වීම ආදී චෝදනා රැසක් ඔහුට එල්ලව තිබේ.

උද්ඝෝෂකයන්  අත තිබූ  ප්‍රදර්ශන පුවරුවලට අනුව ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මාළිගාවේ සේවකයන් මරා දැමීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇත. එසේම ඔහුට විරුද්ධව විවිධ පුද්ගලයන් විසින් සිදුකර තිබෙණ පැමිණිලි ද පොලිසිය මගීන් නිසි ලෙස විමර්ශනය නොකිරීම, ඔහුගේ නිලවරණ කටයුතුවලදී ඡන්දය ලබාගැනීම සඳහා හිමිවරුන්ට සහ රාජ්‍ය සේවකයින්ට අල්ලස් ලබා දී තිබෙණ බවට ද පුවරුවල ප්‍රදර්ශනය කර තිබිණ.

බෞද්ධ දර්ශනයට අනුව එසේ චෝදනා ලබන පුද්ගලයෙකු එවැනි තනතුරකට සුදුසු නැති බැවින් ඔහු එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර අදාළ චෝදනා  විමර්ශනය කළ යුතු වුව  ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බව ද එම පුවරුවල සටහන්ව තිබිණ.

ප්‍රධාන මාධ්‍ය ආයතන මෙන්ම ඇතැම් පුවත්පත් කතුවරුන් ද ඔවුන්ගේ අල්ලස් මත මෙම මහා අපරාධ ප්‍රසිද්ධ නොකරන බව ද උද්ඝෝෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ අතර එම උද්ඝෝෂකයන්ට පහරදීම සඳහා ප්‍රදීප් නිලංග දෑල විසින් වෙනත් මැර කණ්ඩායමක් යොදා තිබෙණ බවට සැලවීමත් සමගම ඔවුන් ඒ පිළිබඳව මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී තිබේ. එසේ පහරදීමක් සිදුවුවහොත් උද්ඝෝෂකයන් විසින් ද පෙරළා පහරදීමක් සිදුකිරීමට සිදුවන බව සහ එය එසේ සිදුවුවහොත් බුදුදහමට දැවැන්ත අගෞරවයක් සිදුවන බැවින් එය නවතා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ. ඒ අනුව උද්ඝෝෂකයන්හට ද සිය උද්ඝෝෂණ කටයුතු කරගෙන යාමට අවශ්‍ය දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට ද පොලිසියට සිදුව ඇත.

ඊට පෙර දින දළදා මාළිගාවේ පවත්වාගෙන යන නීතිවිරෝදී මාධ්‍ය ඒකකයේ   සේවකයන් විසින් තර්ජනාත්මක පණිවිඩ මුහුණුපොතේ ඔවුන්ගේ ගිණුම්වල සටහනන් කර තිබී ඇත. එම සියලුම බාධක මධ්‍යයේ ඉතා සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා විසිර යනු ලැබුවේ  අදාළ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් නැවත මාස 03ක කාලයකින් පසු ඉතාම සංවිධානාත්මක දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකර එම උද්ඝෝෂණ දිනයේදී ම ප්‍රදීප් නිලංග දෑලව මහනුවර දළදා මාළිගාවෙන් එළවා දැමීමට  සිදුවන බවට වන පණිවිඩය ප්‍රකාශ කරමිනි.

Exit mobile version