උද්ධමනය තවත් ඉහළට .

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.5ක් දක්වා ඉහළගොස් ඇති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය.

මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version