සමාරම්භක ආගමික වැඩසටහන් 05වනදා ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ රැගත් පෙරහැර ගමන් අරඹන ලදී. ශ්‍රී පාදස්ථානය යනු ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් පමණ උසින් කන්ද මුදුනේ පිහිටා ඇති සිරිපතුල හා ඒ ආශ්‍රිතව ගොඩනගා ඇති බෞද්ධ පූජනීය සිද්ධස්ථානයකි.
ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්තිවලින් වට වී ඇති අතර ඝන වන රොදකින් ද සැදුම්ලත් මෙම සුන්දර කඳු ශිකරය අලි ,කොටි සහ වලස්සු ආදී නොයෙක් සතත්ත්වයින් ද බහුලව රැඳී සිටින ප්රදේශයකි.දෙස් විදෙස් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාරතූන් වහන්සේ වැඩමවා සිටින පසුව බැති මතුන්ගෙන් විශේෂ වැදුම් පිදුම් ලබන විශේෂ ස්ථානයක් ලෙස ශ්‍රීපාදස්ථානය හැඳින්විය හැක.
මහජනතාව සිරිපා වන්දනාමාන කිරීමට ප්‍රථම සමන් දේවාභරණ වඩමවීමේ සිට සියලු වැඩකටයුතු සලසා දීමට පළමුව පවත්වනු ලබන ආගමික වතාවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල ,ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දී දෙසැම්බර් මස 05 වන දින සිදුකරන ලදී.
සුමන සමන් දේව ප්‍රතිමාව ,දේවාභරණ හා පූජා භාණ්ඩ 05 වනදින උදෑසන යෙදුනු සුබ මොහොතින් බැහැරට වඩම්වා මහජනයාට වන්දනාමාන කිරීම සඳහා 06 වන දින අලුයම දක්වා සුමන සමන් දේව මන්දිරයේ තැම්පත් කොට වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එදින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් ද පවත්වන ලදී.
දෙසැම්බර් 06 වන දින සමන් දේව ප්‍රතිමාව දේවාභරණ හා පූජා භාණ්ඩ රැගත් පෙරහැර මහජනතාවගේ වැදුම් පිදුම් පිළිගනිමින් ශ්‍රී පාද උඩමළුව තෙක් මාර්ග 04ක් ඔස්සේ වඩමවන ලදී.සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ පූජා භාණ්ඩ අද (07) උඳුවප් පුර පසලොස්වක පොහෝ දින ශ්‍රීපාද උඩමලුවේ තැම්පත් කිරීමෙන් අනතුරුව මහජනයා සඳහා ශ්‍රී පාද පද්මය වන්දනා කිරීමට අවස්ථාව සැලසෙන ලදී.
එම අවස්ථාව 2023 වර්ෂයේ වෙසක් පොහෝ දිනයෙන් අවසන් වේ.බෞද්ධ බැතිමතුන් මෙන්ම දෙස්විදෙස් සංචාරකයින්ගේ ද අවධානය දිනාගත් මෙම පින්වන්ත පුදබිම වැදපුදා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ සැබවින්ම පින්සාර හිත්වලට ම පමණකි.
කෙසේ නමුත් සිරිපා සමය ඇරඹෙන අද දිනයේ අප විශේෂයෙන් මතක් කරනු ලබන්නේ මෙම පරිසරය රැකගැනීම මෙම පූජනීය පුදබිමට පැමිණෙන ඔබ සියලු දෙනාගේ වගකීමක් බවයි.