උපකාරක පන්ති ආරම්භයට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය විසින් ළමුන් සියයට අඩු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇත.

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කර සති දෙකක් තුළ උපකාරක පන්ති ආරම්භ කිරීමේ හැකියාව ඇති බවයි එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ඉසුරු මේනුක මහතා පෙන්වා දුන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ සියලුම අංශ මේ වන විට විවෘතව තිබෙණ අවස්ථාවක උපකාරක පන්ති පමණක් වසා තැබිම හේතුවෙන් ඒ තුළින් යැපෙන විශාල ගුරුවරු, පවුල් සංඛ්‍යාක් සිටින බවත් ඔවුන් මේ වන විට ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් සෞඛ්‍ය අංශවල නීතිරිති අනුව මෙන් ම රටේ ආරක්ෂක අංශවල නීතිවලට අනුව ද පන්ති ආරම්භ කිරීමට ඔවුන් සූදානම් බවත් ය.

Exit mobile version