මෙවර (2021) O/L හා A/L සදහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් පමණක් මේ මස 16 වන දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබේ.
අද (30) නිකුත් කරන ලද කොවිඩ් වලක්වා ගැනීම සදහා වන නවතම මාර්ගෝපදේශ වල මෙය සදහන් වන අතර ගොඩනැගිල්ලේ ධාරිතාවෙන් 50% ක් පමණක් ගෙන්වා මෙසේ උපකාරක පන්ති පැවැත්වීමට අවසරය ලැබී තිබේ.