පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූවිද්‍යා අංෂයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවසට පහර දී දේපළවලට අලාභ හානි සිදුකර මහාචාර්යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් පහර දී ප්‍රචණ්ඩකාරීව හැසිරුනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මැර ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් 10 දෙනෙකු සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අයුතු ජන රාශිය ,ප්‍රචණ්ඩකාරීව හැසිරී රජයේ දේපළවලට අලාභ හානි (මහාචාර්යවරයා පදිංචි වී සිටි විශ්වවිද්‍යාලයට අයත් නිල නිවසට) සිදු කිරීම පුද්ගලයන්ට පහර දීම යන කරුණු මත සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පේරාදෙණිය පොලිසිය කටයුතු යොදා තිබේ.
මෙසේ අත්අඩංගුවට ගැනුනු සිසුන් ලෙස,
1.ඒ.ක්‍රිෂාන් ශ්‍රී ලාල්
2.බී.එම්.ඩී.එම්.තිලකරත්න
3.පී.ඒ.එම්.තිවංක
4.වි.එස්.වී.විතාරණ
5.එම්.ඩී.ඩිල්ෂාන්
6.ආර්.එම්.එච්.එම්.ටී.ජී.ජී.එස්.උදයංග
7.ඩබ්.ඒ.ඒ.ඩි.ඒ.කේ.වාසලසිංහ
8.වී.එම්.ටී.එස්.රත්නතිලක
9.ඩබ්.ජී.ආර්.බී.ජයසුන්දර
10.එච්.එච්.පී.නිපුනජිත්
11.කේ.ජී.එස්.සඳරුවන්
මෙහි නම් සඳහන් සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර එක් අයෙක් භාර වී අඇති බව වාර්තා වේ.එමෙන්ම 12 වන සැකකරු වශයෙන් හැඳින්වෙන නිවසේ දොර බිඳගෙන නිවසට කඩා වැදි තරුණයා සොයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම මෙම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා එළඹෙන 22 වනදා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ. එතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් යුක්තව පේරාදෙණිය පොලිසිය විසින් මෙම විමර්ශන කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
කෙසේ වුවත් මෙවැනි පරපුරක් බිහිකිරිමේ වගකීම බාරගත යුත්තේ ද ආචාර්ය මහාචාර්යවරුන්මය. සමහර අචාර්ය මාහාචාර්යවරුන්ම යහපත් සමාජයක් වෙනුවට අපට උරුම කර දී තිබෙන්නේ, සහ බිහිකර තිබෙන්නේ දූෂණයට ලක් වූ තරුණ පරපුරකි. මොවුන් මෙසේ වීමේ වගකීම බාර්ගත් යුත්තේද සමස්ත ගුරුපරපුරමය.