උපාධිධාරී 51,000 සඳහා ස්ථිර පත්වීම් නව වසරේ

රාජ්‍ය සේවය සඳහා යොදවා ඇති උපාධිධාරීන් 51,000 සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම ජනවාරි මස 03 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳ සොයාබැලීමේ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ පිළිබඳව සඳහන් කරන ලදී.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ එම නිලධාරීන් රජයේ සංවර්ධන නිලධාරීන් වශයෙන් නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කරන බවත් ,වසරක කාලයක් පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පිරිසක් පළමුව ස්ථිර කරන ලබන අතර සෙසු පිරිස වසරක පුහුණු කාලයකින් අනතුරුව අප්‍රේල් මස 01 වනදා ස්ථිර කිරීමට නියමිත බවත් ය.

එමෙන්  මෙලෙස ස්ථිර පත්වීම් ලබන රාජ්‍ය සේවකයින් අතරින් 22,000 ට පමණ සිය කැමැත්ත පරිදි ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ද පවතින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

Exit mobile version