උප කුලපති හිමිගෙන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එකල පැවති තත්වය සැලකිල්ලට ගෙන  වසා දැමීමට තීරණය කරනු ලැබීය.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසින් දැනුන් දී ඇත්තේ විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය කර ඇති බවයි.

ඒ මේ මස 27 වන දින බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බැවින් බවයි වාර්තා වන්නේ.

වාර්තා වන්නේ පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට අතුළත් කර ගනු ලබන බව උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩිදුරටත් පැවසු බවයි .

Exit mobile version