උරුමයට මෙහෙයුම් කාර්යාලයක්.

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී  විවෘත කෙරුණු බව වාර්තා වේ.

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු  ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබා දීම මෙමඟින් සිදු කෙරෙන බවට ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සහ අදාල ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ “උරුමය” ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ක්‍රියාත්මක බව සදහන්.

දීමනා ඔප්පු  සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට හා ලියාපදිංචි වීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලයේ  0114354600-1 දුරකතන අංකය ඇමතීමෙන් හෝ http://tinyurl.com/yb98yhey විද්‍යුත්  ෆොරමයෙන් ලබා ගත හැකි බවට ජනාධිපති කාර්යාලය කියයි.

Exit mobile version