උසස්පෙළට පෙනී සිටි සිසුන්ට පණිවිඩයක්

දින කිහිපයකට පෙර නිකුත් වී අවලංගු වූ කෘශි විද්‍යා ප්‍රශ්න පත්‍රය වෙනුවට විභාග දෙපාර්තමේන්තුවේ විසින් නව දිනයක් ප්‍රකාශ කල අතර නව විභාගය සඳහා පෙනී සිටීමට අදාල ප්‍රවේශ පත්‍රය www.donets.lk වෙබි අඩවිය තුලින් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුවේ විසින් නිවේදනයක් කර දන්වා ඇත.

විභාග දෙපාර්තමේන්තුව විසින් සදහන් කරන්නේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සදහා මේ වනවිටත් විභාග අපේක්ෂකයනට ප්‍රවේශ පත්‍ර නිකුත් කල ඇති අතර අදාළ ප්‍රවේශ පත්‍රය නොලැබුණු අපේක්ෂකයන් පමණක් වෙබ් අඩවිය තුලින් ලබාගන්නා ලෙසත් විභාග අපේක්ෂකයන්ට අවලංගු වූ විභාගය සඳහා පෙනී සිටින මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේනම් එලෙස ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බවයි.

ප්‍රශ්න පත්‍රය පිට වී අවලංගු වීමත් සමග එම විශය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස 01 දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු වැඩ සූදානම් කර ඇත.

කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 පෙරවරු 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 01 සිට 3 දක්වාත් පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබාගත හැකි බව කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

Exit mobile version