උසස්පෙළ ශිෂ්‍යාවට ඇසිඩ් පොවන්න හදලා

කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට  පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් මඟ හරස් කර ඇසිඩ් පෙවීමට උත්සහ කිරීමේදී ඇති වූ ගැටුමක් නිසා  පාසල් ශිෂ්‍යාව සැකකාර තරුණායා, පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

 මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21ක් වන පාසල් ශිෂ්‍යයාවක ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය පැවසීය.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පාසල් ශිෂ්‍යාව කෑගල්ල නගරයේ  විභාග මධ්‍යස්ථානයක් වෙත පියාට අයත් ත්‍රීරෝද රථයෙන් පියා සමඟ ගමන් කරමින් සිටියදී පරගම්මන පසු කර බටවංගුව ප්‍රදේශයේ දී  ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයකු මිතුරකු සමග යතුරු පැදියකින් පැමිණ මඟ හරස් කර ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවිමට උත්සහ දරන අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පාරක් එල්ල කර ඇති බව කල මුලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය පැවසීය.

එම අවස්ථාවේ දී පාසල් ශිෂ්‍යාවටත් ඇගේ පියාටත් හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ.
(චමින්ද වැවතැන්න – ලංකාදීප)

Exit mobile version