උසස් පෙළට සුදුසුකම් ලැබූවන්

ඊයේ (23) රාත්‍රියේ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ අතර එම ප්‍රතිඵලවලට අනුව මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටීමට 75%ක් පමණ සුදුසුකම් ලබා ඇති බව විභාග  දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත.

ඒ අනුව පළමුවර පාසල්වලින් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 231,458 දෙනෙකු උසස් පෙළ  සඳහා පෙනීසිටීමට සුදුසුකම් ලබා ඇති බවත් මෙවර ප්‍රතිඵල සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර ඇත.

එමෙන්ම මෙවර සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන්වල ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වුවත් උසස්පෙළ සඳහා පෙනී සිටීමට එය බාධාවක් නොවන බවත් පාසල් නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව එම ප්‍රායෝගික පරීක්ෂණ පත්වා ඒවායේ ප්‍රතිඵල ලේඛන නැවත අදාළ සිසුන් සඳහා පමණක් නිකුත් කරන බවත් සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා පෙනී සිටි ප්‍රතිඵල තීරණය කර නොමැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවලට ඇතුළත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුලත් කළ චක්‍රලේඛනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත.

Exit mobile version