උසස් පෙළ උත්තර පරීක්ෂකයන්ට ගෙවීම් ඉහළට.

කැබිනට් ප්‍රකාශක , ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමීන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම සදහා යොදවන උත්තර පරීක්ෂකයන්ට කරන ගෙවීම් ඉහළ නැංවීම සදහා මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බවයි .

උත්තර පරීක්ෂකවරුන්ට ගෙවීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එම කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බවත් එම ගෙවීම් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ලබා දෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version