උසස් පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් අපොස උසස් පෙළ විභාගයට  අදාළ උපකාරක පන්ති තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ විෂයානුබද්ධ දේශන සම්බන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බවයි.

එළඹෙන 07 වනදා සිට මාර්තු මස 05 වනදා තෙක් 2021 – 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙවර උසස්‌ පෙළ විභාගය සඳහා සිසුන් 345,242ක් සිසුන් විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා, උසස් පෙළ විභාගය පැවැත්වීමේ දී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කළ යුතු බවට ශාලාධිපතිවරුන් වෙත නියෝග ලබා දී ඇත.

Exit mobile version