අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මස නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත් , විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත් ඇගයීම ජුනි මස මැද ආරම්භ කරන බවත් , පිළිතුරු පත් ඇගයීම සදහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.