අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර ඇගයීම සඳහා පසුගිය වර්ෂයේ පිරිනැමූ රුපියල් 2,000ක සංයුක්ත දීමනාව මෙවරද පිරිනැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
සියලු ඇගයීම් මධ්‍යස්ථානවල පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගෙන තිබේ.
මේ දීමනාව ගෙවන බවට අධ්‍යාපන ඇමැතිවරයා සමඟ ඊයේ (2) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බවත්, ඒ බව ඇගැයීම් පරීක්ෂකවරුන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් නැවත සමීක්ෂණ කටයුතුවලට සහභාගි වන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘දිනමිණට’ ඊයේ (2) පැවසීය. පසුගිය වර්ෂයේ පිරිනැමූ රුපියල් 2,000ක දීමනාව රුපියල් 1,450 දක්වා අඩු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරුන් තීරණය කර තිබුණු බවද ඔහු කීය.
සන්ධ්‍යා කරුණාරත්න (ලංකාදිප)