එළඹෙන නොවැම්බර් මස 04 වනදා තෙක් 2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත් කැඳවීම දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අද (21) දිනය වන විට මාර්ගගත ක්රමයට උත්තර පත්ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම අවසන්වීමට නියමිතව තිබුණි.
මාර්ගගත ක්රමය ඔස්සේ අයදුම්පත් ලබා ගැනීමට www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හැකියාව ඇත.
එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර විමසීම් කටයුතු සඳහා පාසල් විභාග ඇගයීම් ශාඛාවේ 011 2785231, 011 2785216 හෝ තාක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමෙන් සිදුකළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.