ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බවයි.
අදාළ සංශෝධනයට අනුව අ.පො.ස උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම 2022 පහ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා දිනයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.