උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳ නිවේදනයක්

පහ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බැවින් එම විභාග ඉලක්ක කර පවත්වනු ලබන උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම තහනම ජනවාරි මස 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක වේ.

එමෙන්ම පෙබරවාරි මස 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය සඳහා ද එම තහනම උසස් පෙළ විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක වේ.

Exit mobile version